කතුන් සිටින කඩවලින් සිගරැට් පැකට් අරන් පනින කණ්ඩායමක්

0

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල හුදකලා මාර්ගවල කාන්තාවන් පමණක් රැඳී සිටින වෙළෙඳසල් වෙත ගොස් දුම්වැටි පැකට්ටුවක් මිලදී ගන්නා මුවාවෙන් දුම්වැටි පැකට්ටුව රැගෙන පලායාමට පුරුදුව සිටි කකණ්ඩායමක ප්‍රධාන සැකකරු පෙරේදා (02දා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කිරුලපන පොලිසිය පවසයි.

මේ ආකාරයට සොරකම් කරන දුම්වැටි සහිත පැකට් රාත්‍රී කාලයේ මාර්ග දෙපස පවත්වාගෙන යන ජංගම වෙළෙඳසල්වලට රුපියල් 1200 බැගින් විකුණා ඇත.

පසුගියදා කිරුලපන විජය කුමාරතුංග මාවතේ පිහිටි වෙළෙඳ සැලකට ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකුගෙන් අයකු රුපියල් 5000 නෝට්ටුවක්ද අතැතිව, බීම බෝතල් දෙකක් සහ දුම්වැටි පැකට්ටුවක් ඉල්ලා ඇතැයිද පසුව එය ලබා දෙනවාත් සමගම දුම්වැටි පැකට්ටුව සහ බීම බෝතල් දෙක රැගෙන පලා ගොස් තිබුණි.එහිදී කාන්තාව සහ කුඩා දරුවකුද තුවාල ලබා තිබූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථ අංකය ඔස්සේ විමර්ශනය කොට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ නිවසක දී අදාළ ත්‍රිරෝද රථය ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මොහු තවත් පුද්ගලයකු සමග ත්‍රිරෝද රථයේ ගොස් මිරිහාන, කොහුවල, කිරුලපන, නාරාහේන්පිට, මහරගම යන පොලිස් වසම්වල කලන සිට මෙය කරගෙන ගොස් ඇතැයි පැවසේ.

සිද්ධියට සම්බන්ධ අනිත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධව කිරුලපන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here