විශ්‍රාමික රණවිරුවන් හොරෙන්ම ඉන්දීය රක්‌ෂණ සමාගමකට පවරලා

0

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉහළ නිලධාරීන් පිරිසක් ‘බුහුමන්’ නමින් වූ රක්‍ෂණයක් සදහා ඉන්දීය කළමනාකාරිත්වයක් සහිත රක්‍ෂණ සමාගමක් වෙත විශ‍්‍රාමික රණවිරුවන්ගේ විශ‍්‍රාම වැටුපෙන් කිසිදු අවසරයකින් තොරව මුදල් කපා යවමින් සිදුකළ මහාපරිමාණ ජාවාරමක් අනාවරණය වී තිබේ.

මේ වන විට ‘බුහුමන්’ නමැති එකී රක්‍ෂණය සදහා විශ‍්‍රාමික රණවිරුවන් දෙදහසකට අධික පිරිසකගේ විශ‍්‍රාම වැටුපෙන් මුදල් කපා හරින බවද හෙළිවී ඇත.

යුද හමුදා පොලිසියේ රාජකාරි කළ විශ‍්‍රාමික රණවිරුවකු වන බලපිටිය ප‍්‍රදේශයේ පදිංචි එච්. ජේ. එම්. කුමාර මහතා විසින් තමන්ගේ විශ‍්‍රාම වැටුපෙන් නොදන්නා කරුණක් ස`දහා මාසිකව රුපියල් හාරසියයක මුදලක් කපා තිබීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී මේ බව හෙළිදරව් වී ඇත.

මේ වන විට ඔහු අදාළ සිද්ධිය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් ජී. ජී. රත්නසිරි මහතාට ලිඛිතව පැමිණිලි කිරීමටද පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අමත්‍යංශ ලේකම් ජී. ජී. රත්නසිරි මහතාගෙන් කළ විමසීමකදී එකී පැමිණිල්ලට අනුව සිද්ධිය පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කරන බව ඒ මහතා සදහන් කළේය.

සමන් ගමගේ (දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here