ඉඩම් වංචාවට සංගක්කාරගේ සම්බන්ධයක් නෑ – ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගෙන් පැහැදිලි කිරීමක්.

0

වංචා සහගත ලේඛන ඉදිරිපත් කරමින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක විසින් ඉඩම් අක්කර 02 ක් අත්පත් කර ගැනීමේ පුවත අසත්‍ය තොරතුරු මත පදනම් වූ පුවතක් බව ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී. කීර්ති ගමගේ පවසනවා. අදාල සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම ඉඩම වංචා සහගත ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කළේ හිටපු ක්‍රීඩක සංගක්කාර සහ ඔහුගේ බිරිඳ විසින් බවත්, වංචාවේ සුළමුළ අනාවරණය කරගත හැකි වූයේ ඔවුන් දෙදෙනා නිසා බවත් කීර්ති ගමගේ මහතා පවසනවා. අදාල ඉඩම සංගක්කාර සහ ඔහුගේ බිරිඳ විසින් මිලදී ගැනීමට යාමේදී ඉදිරිපත් කළ ලේඛන පිළිබඳ සැක සිතීම නිසා ඔවුන් බළධාරීන්ට පැමිණිලි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

සංගක්කාර මෙම ඉඩම මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ වංචා සහගත ලෙස අදාල ඉඩම හිමිකරුවන් විසින් ලබා ගැනීමෙන් පසුව බවත්, එසේ වංචා සහගත ලෙස ඉඩම ලබා ගැනීම සහ සංගක්කාර අදාල ඉඩම මිලදී ගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

(Lankanewsweb)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here