විභාග කොමසාරිස්ට වැරදිලා උසස් පෙළ කල්දාන්න තීරණය කරලා නෑ – අධ්‍යාපන ලේකම්

0

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. කුමන බාධා පැවතියද අමාත්‍යංශය උත්සාහ කරන්නේ විභාග නියමිත කාලයේදී පැවැත්වීම බවත්, ඒ අනුව අගෝස්තු මාසයේදී සුපුරුදු පරිදි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා පවසනවා.

කෙසේ නමුත් විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා අද (14) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපනය අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කළ බවද ඔහු පවසා තිබුණා.

අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ සනත් පූජිත මහා ඉතා බැරෑරුම් වගකීම් රැසක් හිසමත තබාගෙන කටයුතු කරන බැවින් මාධ්‍ය විමසන ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමේදී යම් අතපසුවීමක් සිදුවන්නට ඇති බවයි.

(උපුටාගැනීම Lankanewsweb )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here