ගෝඨාභය ජනාධිපතිතුමා තරම් පරිසර හිතකාමී නායකයෙක් අපට බිහි වෙලා නැහැ – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති (VIDEO)

0

මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් හෝටලයක් හැදීමට කටයුතු කරන බවට වන කතාවෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර එම ප්‍රදේශය පෞද්ගලික ඉඩම් සහිත ප්‍රදේශයක් වන බවත් එය සිංහරාජ රක්ෂිතයට එකතු කර නැති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා අවධාරණය කළේය.

අමරසිංහ මහතා මේ අබව සඳහන් කළේ ඊයේ (15) ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවන ලද Cyber Conference වැඩසටහනේදීය.

පරිසර සංරක්ෂණය සත්‍ය සහ මිත්‍යාව” යන නමින් එම වැඩසටහන පැවැත්වුණි.

එහිදී විශේෂ අවධානයක් සිංහරාජ රක්ෂිතයට යොමු විය.

සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකදී මතු වූ මෙම කාරණයට අදාළව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස තමන් එම ප්‍රදේශය නිරීක්ෂණය කළ බවයි අමරසිංහ මහතා කියා සිටියේ.

පසුගිය කාලය පුරාම එම පෞද්ගලික ඉඩම් සහිත ප්‍රදේශය රක්ෂිතයට එකතු කරන ලෙස ඉල්ලා සිටියද එය තවදුරටත් සිදුව නැති හෙයින් එවන් තත්ත්වයක එම භූමිය ගැන තීරණයක් ගැනීමට අධිකරණයට හෝ හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

රක්ෂිතයට පවර ගැනිමක කළහොත් බලයලත් ආයතනයක කිසිදු අවසරයක් නොමැතිව එම භූමියට අතතැබිය නොහැකි අතර එයට හොඳ උදාහරණය හන්තාන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

හන්තාන රක්ෂිතයේ කොටසක්ද එලෙස කළමනාකරණය කරගත නොහැකිව රක්ෂිත භූමියක් කිරීමෙන් පසු එය පාලනය කිරීමේ බලය රජයේ ආයතන සතු වන බව අමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙවැනි කාරණාවලදී මාධ්‍ය සදාචාරය ඉක්මවා අසත්‍ය ප්‍රචාර සිදුකිරීම ගැනද හෙතෙම සිය කණගාටුව ප්‍රකාශ කරන ලදී.

වත්මන් ජනාධිපතිවරයා තරම් පරිසරයට සංවේදී නායකයෙක් රට තුළ නැති අතර ඔහු ජනාධිපති ලෙස පත්වීමට ප්‍රථම පරිසර හිතකාමී ලෙස කටයුතු කරන ආකාරය ප්‍රායෝගිකව පෙන්වා ඇති බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේය.

මෙම සාකච්ජාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාද එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here