තනි පුද්ගලයෙකුගේ මෝලකට විදුලිය දෙන්න අවුරුදු සිය ගණනක් පැරණි දැවැන්ත ගස් 85ක් කපලා

0

තනි පුද්ගලයකුගේ වී මෝලකට විදුලිය ලබා දීම සඳහා විදුලි රැුහැන් ඇදීමට යයි පවසමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් හුරිගස්වැව-මීගලෑව මාර්ගයේ තිබූ වසර සිය

ගණනක් පැරණි දැවැන්ත ගස් 85 ක් පමණ කපා බිම හෙළා ඇතැයි වාර්තා වේ.

හුරිගස්වැව හන්දියේ සිට මීගලෑව මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරක මාර්ගය දිගේ පිහිටි සියලූම ගස් මෙසේ කපාදමා ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති. ඒ අතර කුඹුක්, මාර, කරඳ ඇතුළු වටිනා ගස් වර්ග රැුසක් ඇති බවද වාර්තා වේ.

මාර්ගයට සෙවණ සැලසූ මෙම එක ගසක්වත් කපා නොදමා අදාළ විදුලි රැුහැන් පද්ධතිය එළිමහන් ප‍්‍රදේශයෙන් ඇදීමට හැකියාව තිබියදී ජනතා විරෝධතා මැද වටිනා පාරිසරික මෙහෙවරක් සිදුකරන ලද ගස් කපා දැමීම ප‍්‍රදේශයේ දැව ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවකට සිදුකරන ලද්දක් විය හැකි බව මේ පිළිබඳව ‘දිවයින’ට අදහස් දැක්වූ ප‍්‍රදේශවාසියෙක් සඳහන් කළේය.

මෙම සිද්ධිය පිටුපස ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය දේශපාලකයකු මෙන්ම ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලකයකුද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි මේ පිළිබඳව කරුණු දක්වමින් පරිසර ක‍්‍රියාකාරිකයෙක් සඳහන්

ජගත් කණහැරආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here