තවදුරටත් නීතියට අවනතව සිටීමෙන් ඵල ප්‍රයෝජනයක් නෑ – සිවිල් නීතිය කඩන්න ජනතාව නැඹුරු කරනවා (VIDEO)

0

කොවිඩ් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් කර තිබූ ප්‍රකාශයකට එරෙහිව සිංහලේ අපි ජාතික සංවිධානය නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ(17) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් කොරෝනා මෘතදේහ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආදාහනය කරනු ලැබුවේ මිනී පෙට්ටි පමණක් බවත් ඒ සඳහා රජය උදව් කළ බවත් පවසා සිටියා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති විසින් විධිමත් පරීක්ෂණයක් සිදුකර එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව සමාජය දැනුවත් කළ යුතු බවට සිංහලේ අපි ජාතික සංවිධානයේ පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි සඳහන් කරනවා.

එලෙස විධිමත් පරීක්ෂණයක් සිදු නොකරන්නේනම් තවදුරටත් නීතියට අවනතව සිටීමෙන් පලක් නොවන බවත් සිවිල් නීතිය කඩකිරීම සඳහා මහජනතාව නැඹුරුකරන බවත් චන්ද්‍රරතන හිමියෝ පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here