රත්‍රං බඩු කඩේට ආ තරුණයා රන් මාල පෙට්ටියක් රැගෙන ගිය හැටි..CCTV දර්ශන.

0

ඇහැලියගොඩ ස්වර්ණාභරණ අලෙවිසැළක රන් භාණ්ඩ සොරාගත් සිද්ධියේ සැකකරුවන් සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ස්වර්ණාභරණ අලෙවිසැළකට පැමිණි එක් අයෙකු රන් මාල සහිත පෙට්ටියක් රැගෙන එකවරම දිවගොස් යතුරුපැදියක් සහිතව සිටි තවත් පුද්ගලයෙකු සමග පළාගොස් තිබුණි.

මෙය සිදුකරන ආකාරය වෙළෙඳසැළ තුළ සහ පිටත සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබුණි.

එලෙස සොරාගෙන ඇති රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here