අගමැතිගේ උත්සවයෙනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් මිලියන 5ක් කාල

0

1986 සැරේ ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට උපහාර දැක්වීම සඳහා පසුගිය දාහත් වැනි දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයතනයේ රුපියල් ලක්ෂ 57 ක මුදලක් වියදම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම උත්සවයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අරලියගහ මන්දිරයේ දී පැවති අතර එය සංවිධාන කරන ලද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.

අගමැති කාර්යාලයේ රැස්වීම් ශාලාවේ මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එම කටයුතු වෙනුවෙන් වියදම් දරා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මගිනි.1996 ලෝක කුසලානය දිනාගත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී පැවති දිවා භෝජන සංග්‍රහය වෙනුවෙන් සියලුම වියදම් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දරා ඇති බවද වාර්තා වේ.

එවැනි තත්ත්වයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 57 ක බිලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට ද තොරතුරු වාර්තා වී ඇති අතර මෙම සිද්ධිය ගැන අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමුවී ඇති බවද වාර්තා වේ.

ඩිජිටල් තිරය ඡායාරූප කිහිපයක් එල්ලා තැබීම, ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා ඉදිරිපත් කරන ලද නැටුම යන අංග තුන වෙනුවෙන් පමණක් මෙම රුපියල් ලක්ෂ පහක මුදලක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වියදම් කළ බවට බිලක් සකසා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here