මියගිය දිනට කලින් දවසේ පුතා මට කෝල් එකක් දීලා මාමේ මම පැරෂුට් පිමි දහයක් දැන් පැනලා ඉවරයි, ඉතුරු ටික ඉවර කරපු ගමන් ගෙදර එනවා කියා කිව්වා. ඒක තමයි පුතා අන්තිමට කතා කරපු වචන ටික. පහුවදා පුතාට කරදරයක් වෙලා කියා පණිවිඩයක් ආවා. මම හිතුවේ නැහැ පුතා අපි හැමෝම දාලා ගිහින් කියා.
මේ අම්පාර උහන ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ පුහුණවක නිරතව සිටියදී මිය ගිය ගුවන් හමුදාවේ බළගණ නායක මනෝජ් පද්මතිලක වීරකොටුව මහතාගේ මාමා වන ආර්.එම් රංජිත් රණතුංග මහතා සිය බෑනණුවන්ගේ වියෝව දරාගත නොහැකිව පැවසූ කතාවයි.
මියගිය ගුවන් හමුදා නිලධාරිවරයාගේ මළ සිරුර ඊයේ (21) දහවල් වන විටත් ඔහු පදිංචි අඹසෙවණ වීරකොටුව පොල්ලගොල්ල නිවසට ගෙනවිත් නොතිබිණි. ගම්වාසීන්, හිතමිතුරන් ඇතුළු විශාල පිරිසක් ඒ වන විටත් ඔහුගේ නිෙවසට පැමිණ සිටියහ.
“පුතා උපන්නේ 1986 ඔක්තෝබර් 19 වැනිදා. මහනුවර විද්‍යාර්ථ විදුහලේ අධ්‍යාපනය ලබන සමයේ පුතා ශිෂ්‍ය භට පුහුණුව ලැබූවා. එයා ජනාධිපති බාලදක්ෂයෙක්. විද්‍යාර්ථ විදුහලේ උප ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස කටයුතු කළ පුතා ආරක්ෂක අංශයට සම්බන්ධ වන්න පාසල් කාලයේ සිටම කැමැත්තෙන් හිටියා. 2008 වසරේ සැප්තැම්බර් මාසේ 28 වැනිදා එයා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ 26 වැනි කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස එයා පුහුණුවට එක් වුණා. පුහුණුව අවසන් කර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වන්නි සටන් පාසලේ සේවයට එක් වුණා.
පැරෂුට් පුහුණුවට පුතා උහන පුහුණු පාසලට ගියේ මාසෙකට විතර කලින්. එයා විහාහ වෙලා තාම වසරක පමණ කාලයක් පමණයි. පවුලේ හැමෝම සමඟ ඉතා සුහඳව හිටිය නිසා හැමෝම එයාගේ දියුණුවට ආශිර්වාද කළා. රාජකාරියට එයා අවංකව කැපවීම් කළා. පුතාගේ තාත්තා හෘදයාබාධයකින් මිය ගියේ මීට අවුරුදු දෙකකට විතර කලින්.
පුතාට තව නංගී කෙනෙකුයි මල්ලී කෙනෙකුයි ඉන්නවා. මගේ අයියා මීට මාස තුනකට කලින් මිය ගියා. පුතා අන්තිමට කතා කළ දවසට තමයි තුන්මාසේ දානේ යෙදිලා තිබුණේ. පුහුණුව අතරතුර කතා කර එයා දානේ වැඩ කටයුතු ගැන කතා කරලා ඇහුවා. පුහුණුව තව දවස් කිහිපයකින් ඉවර වුණ ගමන් ගෙදර එනවා කට්ටිය හොඳින් නේද කියලත් අහුවා. පුතා මේ විදිහට ගෙදර එයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ.
මිය ගිය මනෝජ්ගේ පාසල් මිතුරකු වන මිනින්ද පියරතන මහතා මෙසේ පැවසුවේය. පුංචි කාලේ ඉඳලා අපි දෙන්න ගමේ හැදුණේ වැඩුණේ එකට. අධ්‍යාපනය ලැබුවේත් එකම පාසලේ. ගමේ පොදු වැඩවලදී ඔහු කා සමඟත් එකතු වී වැඩ කළා. ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඉලක්කයක් ඇතිව ජීවිතය ගොඩනඟ ගත්ත කෙනෙක්. නිවාඩුවට ගමේ අවාම එදා වගේම යාළුවොත් එක්ක කතා කරන්න අමතක කළේ නැහැ.
ඡායාරූප – කටුගස්තොට සමූහ සහ
ඌව වෙල්ලස්ස