වාහනයක් සම්බන්ධ ප්රශ්නයක් විසදා දීම සඳහා අදාල පාර්ෂවකරුගෙන් පොලිසිය තුළදීම රුපියල් දසදහසක මුදලක් ගැනීමට ගිය වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අ ල් ල ස් නිලධාරීන් අතටම අල්ලා ගැනීමට යාමේ දී මුදල් නෝට්ටු ගිල දැමීම හේතුවෙන් ඊයේ (29 වැනිදා) සවස ගම්පහ රෝහළට ඇතුළත් කර ඇත.
ප්රශ්නය බේරාදීමට ලබාගත් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකම එම ප්රධාන පොලිස් පරීක්ෂකවරයා එම නිලධාරීන් ඉදිරිපිටම ගිල දැමූ නිසා අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ.
වාහනයක් සම්බන්ධ ප්රශ්නයක් විසඳීමට රුපියල් දසදහසක මුදලක් ඉල්ලා සිටින බවට ලද පැමිණිල්ලක් මත අ ල් ල ස් කොමිසමේ නිලධාරීන් සමග පැමිණිලිකරු රුපියල් දසදහසක් දීමට යාමේ දී මෙම සිද්ධිය වී ඇත.