පොල්තෙල් වල තිබූ ඇෆ්ලටොක්සින් වැලිගම පරිප්පු වලත්

0

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබී සොයා ගත් පරිප්පු තොග ඇල්ෆාටොක්සීන් අඩංගු බව හෙළිව තිබේ.

වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේ ඇල්ෆාටොක්සීන් අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවය.

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතය ට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණේ කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here