සිරිසේන හොදවගෙන් අහගනී..සිද්ධිය වෙන බව දැන දැන රට පැන්න මෛත්‍රීපාල ආපහු බලය ඉල්ලන්නෙ රෙදි ඇදගෙනද – කාදිනල් හිමි.

0

පාස්කු සිදුවීමට අදාළ කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරයි. එම වාර්තාව හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන ලෙස කාදිනල් හිමිපාණන් එහිදී පෙන්වා දුනි.

පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්විය. ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
දේවමෙහෙය අවසන්වීමෙන් අනතුරුව කාදිනල් හිමිපාණන් එම අදහස් පළ කළේය.

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු සිදුවීම පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ව නැති කරනවා කියලා  ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්..?

කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ..තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.

දෙවනුව පොලිසියේ උසස්ම නිලධාරියේක් සීනියර් ඩීඅයිජී කෙනෙක් විදිහට කන්ද උඩරට රස්සාව කරනවා..පාස්කු සිදුවීම ගැන දැනගෙන මුකුත් කලේ නෑ කියලා එයා ගැනත් තියෙනවා..මේ කාරනාවල් තව කොමිටි පත් කර කර හොයලා ඉන්න දේවල් නෙමේ. වාර්තාවේ පැහැදිලිවම තියෙනවා..ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න ඕනේ..ඒ වගකිවයුත්තන්ට, එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න තවත් බලාගෙන ඉන්නේ මොනාටද..? මම ඒක අහන්නේ ජනාධිපතිගෙන් හා රජයෙන්.. සෙප්පඩ විජ්ජාව එපා අපිත් එක්ක..ඒ අදාල පිරිස් එක්ක මැති ඇමතිවරු සම්බන්ධයි කිව්ව අයත් තාම පාර්ලිමේන්තුවේ හිනා වේවී ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here