කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
මොවුන් තිදෙනා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගත සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,104 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් ආසාදිතයින් 203දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, 2,889දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.