රටේ ජනතාව වත්මන් රජයට තුනෙන් දෙකක බලයක් ලබා දුන් විගසම පරිසරය විනාශ කරන්නට පටන් ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු කොළඹ දී පෙරේදා (05) පැවැසීය.මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයට සහ කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කයට සම්බන්ධ සිංහරාජ අඩවියේ භූමි කොටස් ඩෝසර් කරමින් සිටින බවත්
මහ මැතිවරණයේ දී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ස්තූතිය පළ කිරීම සඳහා උතුරු කොළඹ දී සංවිධාන කළ රැස්වීමකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
පාලන බලය අතට ගත් පාලකයන් මේ සති කිහිපයේ සිදු කරන විනාශය දෙස බලා සිටිය නොහැකි බවත් මේ විනාශයන් වැළැක්වීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.
වත්මන් රජයට ජනතාව බලය දුන්නේ පරිසරය විනාශ කරන්නට නොව සංවර්ධනය කරන්නට බවත් මෙවැනි විනාශයන් කාගේ වුවමනාවට සිදු කළ ද තමාගේ වුවමනාව පරිසරය ආරක්ෂා කිරීම බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.