එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරුවරයකු වන ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.
මොහාන් පීරිස් මහතා මෙම තනතුරට පත් කෙරෙන්නේ මෙතෙක් එම තනතුර දැරූ ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය නැවත ශ්‍රී ලංකාවට කැඳවීම නිසාය.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා හිටපු අගවිනිසුරුවරයකු වන ජනාධිපති නීතිඥ සරත් නන්ද සිල්වා මහතාට ඇරැයුම් කර තිබිණි. එහෙත් ඔහු එම ආරාධනය පිළිගෙන නැත.
DESHAYA