20 නිසා අභයතිස්ස හිමිත් අවුලක

0
192

20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරද්දී තමන් අපහසුතාවයට පත්වෙන බව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

20 වන සංශෝධනය ගැන ජනතාව විමසද්දී තමන් ඇකිලී යන ගතියක් ඇති බවද උන්වහන්සේ පැවසූහ.

අර්ජුන මහේන්ද‍්‍රන් වැනි පිටරැටියන්ට රට සූරා කෑමට බැරිවීමට මෙන්ම දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හදන්න බැරි විය යුතු බවත්, රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත් ජනතාව පවසන්නේ යැයි ද උන්වහන්සේ කීහ.

එනිසා ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ඇති සීමා තවදුරටත් දීර්ඝ කිරීම මිස එය අකුලා ගැනීම සිදු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටියහ.උත්සව සභාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here