පලාත් සභා අහෝසි කරන්න කියන්නේ NGO කාරයෝ -පොහොට්ටුව රට වටා ජනහමුවල.

0
104

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් සභා සංසදය පළාත් සභා මැතිවරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යනු ලබන රැස්වීම් මාලාවේ තවත් එක් මාධ්‍ය හමුවක් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආර්,එම්,එස්,බී,රත්නායක මහතා – “අද පළාත් සභා පිළිබදව සමාජය තුල කථිකාවක් ගොඩ නැගී තිබෙනවා. මෙය පිටුපස ඉන්නේ රාජ්‍ය නොවන සංවිධානයි. උතුරු නැගෙනහිර ප්‍රශ්ණයට විසදුමක් ලෙස මෙරට පළාත් සභා ක්‍රමය ප්‍රචලිත වුනා. පළාත් සභා ගෙනෙන විට එදත් විවේචන එල්ල වුනා. වසර 30 ක පමණ කාලයක් පළාත් සභා ක්‍රමය තුල ජනතාවට සමීප නියෝජිතයින්ගෙන් සැදුම් ලත් ආයතනයක් ලෙස පළාත් සභා හැදින්විය හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන කල් මෙය වෙනස් වෙන්න බැහැ. වෙනස් කරනවා නම් 13 ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. එසේ වෙනස් කරන තෙක් පළාත් සභාව තිබිය යුතුයි. එය වෙනස් කළ නොහැකියි. වෙනස් කරනවා නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අළුතෙන් පනතක් ආ යුතුයි. නැතිනම් උතුරු නැගෙනහිර ගැටළුවට විසදුමක් දිය යුතුයි. එසේ නොකොට යම් කිසි පිරිසක් උත්සාහ ගන්නවා පළාත් සභා අහෝසි කිරිමට.

2018 පසුගිය යහපාලන ආණ්ඩුව මැතිවරණය තිබ්බේ නැහැ. අද එම නිසා රට තුල බරපතල ප්‍රශ්ණයක් ඇති වෙලා තිබෙනවා. අපි පළාත් සභා මැතිවරණයට ඉල්ලනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ ඒ පක්ෂ. අපි කෑදරකමේ ඉන්නවා නොවෙයි. අපි මැතිවරණයට ඉල්ලන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්”

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආර්,එම්,එස්,බී,රත්නායක මහතා, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සත්තිවේල් මහතා, දිලීප් කුමාර් හිටපු මන්ත්‍රීතුමා (ලංකා කම්කරු කොංග්‍රසය), අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත පෙරේරා මහතා, නුවරඑළිය තරුණ බල මණ්ඩලයේ සභාපති ඉන්දික රත්නායක යන මහත්වරුන් එක්ව සිටියහ.

– විරාජ් අබේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here