මෛත්‍රිපාල ඉල්ලගෙන කයි.

0
485

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු කොමිසමේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය කෙරෙහි හිටපු ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවධානය යොමු කර ඇත.

එහිදි ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් නිකුත්කළ ලිපිය හරහා තම සේවාදායකයා මේ දිනවල කොමිසම හමුවේ ද්වේෂ සහගත අසත්‍ය පවසන බවට චෝදනා කර ඇති බවය.

කොමිසම හමුවේ යම් පුද්ගලයෙකු සිදුකරන සාක්ෂි ලබාදීමක් තුළින් කිසියම් පාර්ශවයකට අගතියක් සිදුවන්නේ නම් නීතිඥවරයෙකු මාර්ගයෙන් පෙනීසිට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දී ඇති පසුබිමක මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම හරහා කොමිසමේ අධිකාරිමය බලයට සහ ගෞරවයට හානි සිදුවන බව හිටපු ආරක්ෂක ලේකම් වෙනුවෙන්නී පෙනී සිටින තිඥවරයා පැහැදිලි කළේය.

එබැවින් කොමිසම් සභාව හමුවේ මේ වන විටත් සාක්ෂි ලබාදෙමින් සිටින සාක්ෂිකරුවෙකුට එරෙහිව සිදුකර ඇති මෙම චෝදනාව හරහා අධිකරණමය කටයුත්තක් බාහිර පාර්ශවයක් විසින් විවේචනය කර ඇති බැවින් අධිකරණය අපහාස කිරීම යටතේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිඥවරයා ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියේය.

මෙහිදි ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් කුමන අදහසක් දරන්නේද යන්නය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ, මෙවැනි මාධ්‍ය නිවේදනය පිළිබඳ තමා නොදන්නා බවත්, ඒ සම්බන්ධයෙන් තම සේවාදායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් ලබාදීමක් හෝ සිදුකර නොමැති බවය.

ඔහු ඒ සම්බන්ධයෙන් කොමිසම හමුවේ කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි අතර අදාළ මාධ්‍ය නිවේදනයේ පිටපතක් තමාටද ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

කරුණු සලකා බැලු ජනාධිපති කොමිසම එම සිදුවීම සම්බන්ධයෙන් හෙට දින කොමිසම හමුවේ කරුණු දැක්වීමක් සිදුකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට නියෝග කළේය.

MAWRATA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here