“කියන තරම් වන විනාශයක් වෙලා නෑ” – පරිසර අමාත්‍ය මහින්ද අමරවීර

0
471

පරිසරයට සිදුවන හානි වැළැක්වීම සඳහා පරිසර පොලීසිය සම්බන්ධ කරගෙන කඩිනම් පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන බව ‘ලංකාදීප‘ පුවත්පත වාර්තා කරනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ඒ අනුව නගර වල කසල බැහැර කිරීමේ දී ඇතිවන ගැටලු පාලනයට මෙන්ම වන සංහාරයන්, නීති විරෝධී වැලි ගොඩදැමීම්, පස් කැපීම් වැළැක්වීමට ද පරිසර පොලීසියේ සහය ලබාගන්නා බවත් සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් පස් දෙනෙකු ඒ සඳහා පුහුණු කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

පවසන තරම් වන විනාශයන් සිදුව නැතැයි කී ඇමතිවරයා ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක්, වනාතවිල්ලුවේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් අක්කර 100ක් හා හන්තානේ සිදු වූ එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් මේ වන විට නීති ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සෙසු සිදුවීම් පෞද්ගලික ඉඩම් එළිකිරීම් බවත් සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here