සාමය සංහිඳියාව වෙනුවෙන් 13 කි‍්‍රයාත්මක කළ යුතුයි – අගමැති සමග සාකච්ඡාවේදී මෝදි කියයි

0
134

සාමය හා සංහිඳියාව වෙනුවෙන් 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කර තිබේ.

ඉන්දීය අගමැතිවරයා මේ කරුණු ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්වීපාර්ශ්වික සාකච්ඡුාවක් පැවැත්වූ අවස්ථාවේදීය.

මෙම සාකච්ඡුාව පෙරේදා (26දා) පැවැත්විණි.

මෙය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හා ශ‍්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ පළමු ද්වීපාර්ශ්වික සාකච්ඡුාව වේ.

මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡුාව ආරම්භ කරමින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ ශ‍්‍රී ලංකාවේ නව අග‍්‍රාමාත්‍යවරයාට සුබපැතුම් එක් කරන බවය. පසුගිය මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පොදුජන පෙරමුණ ලබා ගත් විශාල මැතිවරණ ජයග‍්‍රහණය, ඉන්දියානු මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තමා ලැබූ ජයග‍්‍රහණය හා සමාන බව ප‍්‍රකාශ කළ අග‍්‍රාමාත්‍ය මෝදි මහතා ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර මහඟු සහයෝගීතාවකට එම මැතිවරණ ජයග‍්‍රහණ ඉවහල් වනු ඇති බවට තමා විශ්වාස කරන බව ද පැවසීය.

එසේම දෙරටේ බෞද්ධ මිතුදම තවත් තර කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 15ක ප‍්‍රදානයක් සිදු කරන බවද මෙහිදී ඉන්දීය අගමැතිවරයා පවසා තිබේ.

චතුර පමුණුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here