ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මාළඹේ සිට කොටුව දක්වා කණු උඩ දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අවලංගු කිරීමට ආණ්ඩුව විසින් පියවර ගැනීමත් සමග ජපාන රජය විසින් විශේෂ ලිපියක් රජය වෙත එවා ඇති බව වාර්තා වේ.
අදාළ ව්‍යාපෘතිය භාර ජපාන ජයිකා ආයතනයේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා අධ්යක්ෂ නාඕකි මියාටා විසින් අත්සන් කරන ලද මෙම ලිපිය ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ (ඊආර්ඩී) අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කොට ඇති බවක් දැනගන්නට ඇත.
අදාළ ලිපිය මගින් ශ්‍රී ලංකා රජයේ වර්තමාන ණය තත්ත්වය සහ එහි මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව ජපානය සැලකිලිමත් වන බව දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජපානය කනගාටු වන බවද එම ලිපියේ වැඩිදුරටත් සදහන්ව ඇති බව දැනගන්නට ඇත.