කොරෝනා වසන්ගතය අස්සේ රජය පළාත් සභා ඡන්දයට වැඩ අරඹයි.

0

කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වැඩකටයුතු ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කළා. සියලු පළාත් සභාවල නිල කාලය අවසන්වී මේ වනවිට වසරක් පමණ ගෙවී ඇතත් පලාත් සභා මැතිවරණය පිලිබද පනත් සංශෝධනයක් හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නීතිමය බාධාවක් පැවතුණා.

මැතිවරණයට අදාළ සීමා නිර්ණ කටයුතු සිදුකිරීම සඳහා කමිටුවකට එය භාරදී තිබූ අතර, අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූයේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පැවතුණා.

කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩු සමයේදී අදාළ සීමා නිර්ණ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය තුනෙන් දෙක බහුතරයකින් සම්මත වූයේ නැහැ. පසුව එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා එම වාර්තාව සමාලෝචනය කිරීමට කටයුතු කළද එම සමාලෝචන වාර්තාවද නිමකර මෙතෙක් ලබාදී නැහැ.

කෙසේ වෙතත් මේ වනවිට රට තුල පැතිර යන කොරෝනා වසන්ගත තත්වයත් සමග ඉදිරියේදී පලාත්සභා මැතිවරණය පැවැත්වීම ගැටළු සහගත තත්වයකි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දිනෙන් දින ඉහල යන අතර එය පලමු අවස්ථාවේ සිදුවාට වඩා වේගයෙන් සිදුවෙමින් පවතී.

මේ වනවිට සියලු පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාරවරුන් යටතේයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here