ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්..බැසිල් පාර්ලිමේන්තු ඒමෙන් හානියක් නෑ..බදියුදීන්ගේ මන්ත‍්‍රි කියයි

0

තමන් 20 වන සංශෝධනය ද්විත්ව පුරවැසි භාවයට අදාළ වගන්තිය ඡන්දය ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.එම්. මුෂාරෆ් මහතා සඳහන් කරයි.

රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ ඔහු පෙන්වාදෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීමෙන් කිසිවකුට හානියක් නැතැයි තමා සිතන බවයි.

තමන් තීන්දුව ගත්තේ ස්වාධීනව බවත් බැසිල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ සිටින සියලු ජන කොටස් සමග සංහිඳියාවෙන් කටයුතු කරන පුද්ගලයෙකු බවද කියා සිටියේය.

එම වගන්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දයක් ඉල්ලූ අවස්ථාවේ ඇතැමුන් එයට විරුද්ධ වී බැසිල් රාජපක්ෂ මහතා අපහසුතාවයට පත්වනු ඇතැයි සිතා සුළු ජනතාව වෙනුවෙන් බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ සිරස රූපවාහිනි වෙත අදහස් පල කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here