ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට මිස ගිවිසුම් අත්සන් කිරීමට නොවන බවයි ඇමතිවරයා පවසන්නේ.
පසුගිය යහපාලන රජය ඇමරිකා එක්සත් ජනපදය සමග සෝපා ගිවිසුම මෙන්ම එම්සීසී ගිවිසුමද අත්සන් කිරීමට සූදානම් වූ බවත් එහෙත් වත්මන් රජය එම ගිවිසුම් දෙකටම ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධ බවත් ඇමතිවරයා පවසනවා. එනිසා එවැනි ගිවිසුම් අත්සන් කිරීමක් මෙම සංචාරය තුළදී සිදු නොවන බවයි ගම්මන්පිල මහතා අවධාරණය කරන්නේ.
එදා රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය පිළිබඳව තිබූ අනතුර වත්මන් ආණ්ඩුව යටතේ නොමැති බවත් ඒ නිසා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා විරෝධය දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා.