විපක්ෂයට සටන් පාඨ නොමැති වී කලබල වී ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ අදහස් පල කර සිටියේ අද (27) දින මාධ්‍ය අමතමින්.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ ඕනෑම රටක දූතයන් පිළිගැනීමට රටක් වශයෙන් සූදානම් බවත් ඔවුන්ට ආගන්තුක සත්කාර කිරීමට සූදානම් බවත් ය.
“ඕන කෙනෙක්ට එන්න පුළුවන්. අදහස් පල කරන්න පුළුවන්. ඒත් ඒ අදහස් වලට අපි බැඳිලා නෑ. අද ලංකාවෙ බඩු වැඩිපුරම අපනායනය කරන්නේ ඇමරිකානු වෙළඳපොලට. ඒ නිසා ඒ අය හම්බවෙලා තේ එකක්, කෝපි කෝප්පයක් බීලා කතා කරන එකේ වැරැද්දක් නෑ.” යැයි ඒ මහතා පවසයි