තුන්වෙනි රැල්ල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..හමුදාව දාල කොවිඩ් පාලනය කරන්න බෑ – දයාසිරි ජයසේකර

0
681

කොරෝනා පළමු රැල්ල සහ දෙවෙනි රැල්ල සාර්ථකව මැඩපවත්වා තිබූ මොහොතක කොරෝනා තුන්වෙනි රැල්ල ආරම්භ වූ බවත් එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා.හිරු ටීවී බලය වැඩසටහනට සම්බන්ධයෙන් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

කොරෝනා පළමු සහ දෙවනි රැලි ඉතා සාර්ථකව පාලනය කරමින් අපේ රට ලෝකයේ ඉදිරියට එමින් සිටි මොහොතක කොරෝනා තුන්වැනි රැල්ල නිසා නැවතත් රට අස්ථාවර වීගෙන යන බවද ඔහු කියා සිටී.බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වී රෝගීන් විශාල ගණනක් රට පුරා ව්‍යාප්ත වන විටත් එහි මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එලෙස රොගීන් විශාල පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් සෞඛ්‍ය අංශ වලට එක නිරීක්ෂණය නොවීමද පුදුමයක් බව හෙතෙම කියා සිටී.එමෙන්ම හමුදාව මගින් කොරෝනා මැඩපැවැත්වීමට නොහැකි බවද තමා විශ්වාස කරන බව කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here