රටේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්රශ්නය:- කලක් රජුන් තනන්නෙකු වූ ඔබ අද රජුන් යටතේ සිටින්නකු බවට පත්වෙලා.
පිළිතුර:- ඔව්. ඔව්. ඉතින් රජුන් යටතේ කෙසේ වෙතත් මම අනූහතරෙ ඉඳලම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්. දැන් ඉතින් මුකුත් නැතිව ඉන්නවා.
ප්රශ්නය:- එහෙම වුණේ ඇයි කියලා හිතලා බැලුව ද?
පිළිතුර:- මම හිතන්නේ අපි පොදුජන පෙරමුණට එකතු වුණේ ප්‍රමාද වෙලානේ. හැබැයි අපි යහපාලන ආණ්ඩුව ඉන්න කාලෙත් පොදුජන පෙරමුණත් සමග බොහොම ළඟින් වැඩ කළා. ඒ අයත් එක්ක තමයි අපි රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාසභංගය ඉදිරිපත් කළේ. ඒ අයත් එක්කම එකතුවෙලා තමයි අපි දින 52 ආණ්ඩුව පිහිටෙව්වෙත්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත්ගෙ පැත්තට ඇදෙන අපි 16 දෙනෙක් එළියට ඇවිත් ඒ කුමන්ත්‍රණය පරාජය කරලා මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වුණේ. මොනවා වුණත් අපි පොදුජන පෙරමුණට ආවේ පස්සෙනේ. ඒ නිසා අපිට ඇමැතිකම් නුදුන්න බව තමයි පේන්නේ.
ප්රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව ඡන්දයට ආවේ සන්ධානයකින්. එතැනදී විවිධ ගිවිසුම් එකඟතා ඇති වුණත් ඡන්දෙන් පස්සේ ඒවා නොතකා හැරියා කියලා ශ්‍රී ලංකා එකෙන් අඳෝනාවක් ඇහෙනවා?
පිළිතුර:- මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන්න ඕනෑ යුතුකම් ඕනෑවටත් වඩා කරලා තියෙනවා කියලා තමයි මට පේන්නේ.
ප්රශ්නය:-නමුත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තවමත් නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී?
පිළිතුර:- එතුමාට තමයි ඔය…… මම හිතන විදියට පරිසර අමාත්‍යාංශය දෙන්න හැදුවේ. එතුමම තමයි ඒක. එපා කියලා මහින්ද අමරවීරට දීලා එතුමා නිකම් ඉන්නේ. ඒක එතුමා කැමැත්තෙන් කළ දෙයක්.
ප්රශ්නය:-ශ්‍රී ලංකා එකේ මන්ත්‍රීවරුන් 16 දෙනා මේ ආණ්ඩුවේ තීරක බලය කියලා ඔබ හිතනවද?
පිළිතුර:- තීරක බලය නොවෙයි. හැබැයි ඉතින් ඒ 16 දෙනා අපට වැදගත්. මේ ආණ්ඩුවට වැදගත්.
ප්රශ්නය:- වැදගත් කියලා ඔබ කිව්වට ඒ වැදගත්කමට ගැළපෙන පිළිගැනීමක්
තියෙනව ද?
පිළිතුර:- ඒ අය මේ ආණ්ඩුවේ වෙනස් කණ්ඩායමක් නොවන මට්ටමින් ඒ අය අපිත් එක්ක වැඩ කරනවා.
ප්රශ්නය:-නමුත් එහෙම විශ්වාසයක් නැති නිසා නේද බැසිල් රාජපක්ෂ සුළු ජාතික පක්ෂවලට දෑත දිගු කරන්නේ.
පිළිතුර:- නෑ නෑ. එහෙම නෑ. සුළු ජාතික පක්ෂ බැසිල් රාජපක්ෂ මැතිතුමා හමුවෙන්න එනවා ඇති. ඇවිල්ලා කතා කරනවා ඇති. සුළු ජාතික පක්ෂ ඉතින් ඉස්සර ඉඳලම එතුමත් එක්ක සම්බන්ධතා තිබුණානේ. ඒ නිසා එනවා ඇති. ඒ සමහර අයට ඉතින් බලය නැතිව අමාරුයිනේ. ඒ අය සුළු ජාතික පක්ෂනේ. මේ අවස්ථාව බලලා ඒ අය ආණ්ඩුවට එකතුවෙන්න බලනවා ඇති.
ප්රශ්නය:-සුළු ජාතික පක්ෂවලට විතරක් නොවෙයි. ඔබටත් අමාරු ඇති ඇමැතිකමක් නැතිව ඔබ කිව්වා ඔබ 94 ඉඳලා කැබිනට් ඇමැති කෙනෙක් කියලා?
පිළිතුර:- අමාරුයි තමයි. හිතේ සතුටක් නෑනේ. අපි ඉතින් අනිත් එක මෙහෙමයි මම සාමාන්‍ය ඇමැති කෙනෙක් නොවෙයි. මම කරපු ඇමැතිකම් සියල්ලගේම සුවිශේෂ වාර්තා තියපු ඇමැති කෙනෙක්?
ප්රශ්නය:- ඒක පැහැදිලි කළොත්?
පිළිතුර:- ක්‍රීඩා ඇමැතිවරයා හැටියට ඉන්න කාලේ තමයි ඔලිම්පික් මැඩ්ල් ගත්තේ. ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනුවේ. නෙට්බෝල්වලින් අපි ‘ඒෂියා’ දිනුවේ. කොමන්වෙල්ත් වලින් අපි ‘ෂූටිං’ දිනුවේ. ඒෂියන් රැකෝඩ් 8 ක් තිබ්බේ සවුත් ඒෂියන් ගේම් අපි ලංකාව දිනුවේ. ඒවා ඔක්කොම කළේ මගේ කාලයේ.
ප්රශ්නය:- සමෘද්ධි ව්‍යාපාරයත් ඔබේ නිර්මාණයක්?
පිළිතුර:- ඔව්. ඔව්. සමෘද්ධි ව්‍යාපාරය හැදුවේ මම. මේ 2019 ආර්ථික විද්‍යාවට නොබෙල් ත්‍යාගය දිනුවේ ඇමෙරිකානු විද්‍යාඥයෙකුයි ඉන්දියාවේ මහාචාර්යවරයෙක් හා මහාචාර්යවරියකුයි. මේ තුන්දෙනාම ලියලා තිබුණේ ඒෂියා අප්‍රිකා ‘පවටිවැලිවේෂන්’ ගැන. ඒකේ ලියලා තිබුණා කරුණු ඒ කියන්නේ දුප්පත් කමින් මිදෙන්න ඕනෑ කියන සියලුම කරුණු සමෘද්ධි ව්‍යාපාරය තුළ තියෙනවා. සමෘද්ධිය අපි නිකම් හැදුවේ නෑ. ඒ කාලයේ දකුණු කොරියාවේ තිබුණ සැමුවෙල් ඩොන් ව්‍යාපාරය, බංග්ලාදේශයේ තිබුණ ග්‍රාමීන් ව්‍යාපාරය, කේරළේ තිබුණ සේවා ව්‍යාපාරය, ඊ්ශ්රායලයේ තිබුණ හිබුෂියා ව්‍යාපාරය. මේ ඔක්කොම බලලා