මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබන ලිපියෙන් තමන් ඉවත්වන බවට දමිළ ප්රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කර සිටියේය.
කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියේය.
දුමින්ද සිල්වා හට ජනපති සමාව දෙන ලෙස ඉල්ලා ආණ්ඩුව පසුගිය දිනෙක ලිපියකට අස්සන් තැබූ අතර පසුව ඊට විපක්ෂය නියෝජනය කරමින් මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී රාධක්‍රිෂ්ණන් ඇතුලු මන්ත්‍රීවරුන් 5 දෙනකුද අස්සන් තබා තිබිණ.
නමුත් පසුව ඊට දමිළ සමාජයෙන් එල්ල වූ දැඩි බලපෑම් මුල්කරගෙන එම අස්සන ඉවත් කර ගැනීමට ගනේෂන් මහතා පියවර ගෙන ඇත.