කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම නාගරික මන්ත්‍රීවරයා උතුරු කොළඹ පදිංචිකරුවෙකු වන අතර, මේ වනවිට කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි දැනගන්නට තිබේ.
පසුගිය 30 වැනිදා කොළඹ මහනගර සභාවේ මාසික සභා රැස්වීමට මෙම මන්ත්‍රීවරයා සහභාගී වී ඇතැයි නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ නගරය තුල පවතින කොරෝනා ආසාදිත තත්වය හමුවේ නගර සභා රැස්වීම නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබියදී මෙම රැස්වීම කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය කැඳවා තිබිණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායකයන්ද අද සභා රැුස්වීම කැදවීමට තම විරෝධය දක්වා තිබුණි.