බැසිල් වත්මන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක්

0

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වෙනවා නම් එය ඉතාමත් හොඳ තීරණයක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ ඊයේ (03දා) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡුාවක් අමතමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වී එම පුරප්පාඩුවට බැසිල් රාජපක්ෂ මහතා පත් කිරීමට යන බවට ඇති රාවයේ සත්‍යතාවය කුමක්දැයි කියාය.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා එතුමා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් දිවුරුම් දෙන බවට මෙතෙක් තමන් දැනුවත්ව එවැනි කිසිදු සාකච්ඡුාවක් සිදුව නැති බවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වශයෙන් පත් කිරීමේ ක‍්‍රියාවලිය දීර්ඝ කටයුත්තක් බවත්, එය එක් දිනකින් සිදු කළ හැක්කක් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ වත්මන් පාර්ලිමේන්තුවට අවශ්‍යම චරිතයක්. එතුමා වත්මන් රජය පිහිටුවීමේ දී ඉටු කළ මහා කාර්යභාරය හැම දෙනාම දන්නවා. විශේෂයෙන් එතුමා සතුව පවතින දැඩි සංවිධාන ශක්තිය හා කවර කටයුත්තක් ඉටු කිරීමේ දී වුවද එතුමා තුළ ඇති අධිෂ්ඨානය අපි හොඳින් දැක තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here