මෙවර අයවැය අභියෝගාත්මකයි – කෙහෙළිය රඹුක්වැල්ල

0

මෑත යුගයේ අභි­යෝ­ගා­ත්ම­කම අය-වැය මෙවර ඉදි­රි­පත් කිරී­මට ආණ්ඩු­වට සිදු ව තිබෙන බවත් පව­තින අසා­මාන්‍ය තත්ත්වය මත වුවද ජන­තාව ජීවත් කර­වීම හා රටේ සංව­ර්ධ­නය යන ප්‍රධාන කරුණු පද­නම් කර­මින් සාර්ථක අය­වැ­යක් ඉදි­රි­පත් කරන බවත් ජන­මාධ්‍ය අැමැති කෙහෙ­ලිය රඹු­ක්වැල්ල මහතා පව­සයි.

කුණ්ඩ­සාලේ මැති­ව­රණ කොට්ඨා­සයේ මාර්ග සංව­ර්ධන කට­යුතු රැසක් ආරම්භ කිරීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් ඒ මහතා මාධ්‍ය හමුවේ පසු­ගිය දා (4) පැව­සීය.

ඒ මහතා තව­දු­ර­ටත් මෙසේද පැව­සීය.

රටේ අද පව­තින්නේ සාමාන්‍ය තත්ත්ව­යක් නොවේ. පව­තින අසා­මාන්‍ය තත්ත්වය මත අය­වැය ඉදි­රි­පත් කිරී­මේදී විවිධ ප්‍රශ්න මතු විය හැකියි.

එවන් අසා­මාන්‍ය තත්ත්ව­යක් මත වුවද රටේ ජන­තාව ජීවත් කර­වීමේ වග­කීම ඉටු කිරි­මට ආණ්ඩුව සෑම විටම කැප­වන බවත් ජන­තාව ජීවත් කිරීම හා රටේ සංව­ර්ධ­නය යන ප්‍රධාන කරුණු පද­නම් කර ගනි­මින් මෙවර අය­වැය සකස් කර­නවා.

දළ දේශීය ආදා­ය­මෙන් 98% ක්ම ණය වාරික ගෙවී­මට වෙන් කිරී­මට සිදුව තිබිය දී එදා යුද්ධය ජය­ග්‍ර­හ­ණය කර රට සංව­ර්ධ­නයේ මාව­තට රැගෙන ගිය ආණ්ඩුව අද ගෝඨා­භය,මහින්ද,බැසිල් එක­තු­වෙන් රට සෞභා­ග්‍යයේ දැක්ම කරා ගෙන යමින් තිබෙ­නවා. අපේ රටේ භෞතික සම්පත් විදේශ වලට විකි­ණී­මට කිසිදු තීර­ණ­යක් ආණ්ඩුව ගෙන නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here