රාජ්‍ය පාලනය තුල නාස්තිය පිටුදැකීමට කටයුතු කළ යුතු බව ජනපති ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
රටක ප්රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා.ඒ නිසා නීති පොතට මුවාවී තම වඟකීම් ඉටුකිරීම පැහැර හරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකරදෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන වලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවාද යන්න සොයා බැලීමටයි.ඉදිරියටත් මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා.
අමාත්‍යවරුන්,රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ඉහක නිලධාරීම්ද නිරන්තරයෙන්ම තම තමගේ ආයතනවල කටයුතු සිදුවන ආකාරය අධීක්ෂණය කල යුතුයි.