විපක්ෂය මාළු අමුවෙන් කෑමේ සංස්කෘතියක් දැන් ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇතැයි ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා දිවයිනට ඊයේ (20දා) ප්‍රකාශ කළේය.
මාළුන්ට කොරෝනා නැති බව සෞඛ්‍ය අංශ පවා සනාථ කර තිබියදීත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු අමුවෙන් මාළු කූරියකු අනුභව කර මාධ්‍ය තුළින් ප්‍රදර්ශනය කර ගැනීම ලැජ්ජා සහගත වැඩක් යැයි කී ප්‍රවාහන ඇමැතිවරයා මෙය කන ආකාරය අනුව බලන විට මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීම ඉතා වැදගත් යැයිද සඳහන් කළේය.
ගාමිණී ලොකුගේ ඇමැතිවරයා මෙසේද පැවසීය. විපක්ෂයේ මන්ත්‍රීවරයට තම්බපු මාළු කූරියකු කන හැටි පෙන්වා දෙන්න තිබුණා. මේ මනුස්සයා මේ මාළු කූරියා කන අයුරු රූපවාහිනියෙන් දැක්කම හරිම පිළිකුල් මාළු කූරියාව පෙන්නුවාට පස්සේ අඩුම තරමින් අතවත් සෝදා ගන්නේ නැහැ. කාට මොනවා උනත් කමක් නැහැ. මෙහෙම උදවිය තමයි සමාජයට වැරදි ආදර්ශ දෙන්නේ.
නෝමන් පළිහවඩන ( දිවයින )