අමාත්‍ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ලේ සුහුරුපායේදී වැඩ බාර ගනිද්දී ඔහුගේ පුත් සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත් වීරසේකර මහතා සිය පියාණන්ට ආචාර දැක්වීම විශේෂ සිදුවීමක් විය.
එහි ඇති අනෙක් විශේෂම සිදුවීම වන්නේ එම අවස්ථාවට සහභාගීව සිටි අමාත්‍ය සරත් වීරසේකර මහතා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත්ර වීරසේකර යන තිදෙනාම ආදි ආනන්දියයන් වීමය.
එසේම අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ බාරගනිමින් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩ බාර ගනිමින් සියලුම පාතාල සාමාජිකයන්ට අවි බාර දෙන ලෙස නිවේදනයද නිකුත් කළේය.
එසේ නොවන්නේ නම් හොදින් හෝ නරකින් එම කටයුතු කිරීමට තමන් සූදානම් බවද අමාත්‍යවරයා කියා සිටියේය.