පාර්ලිමේන්තුවේ සියල්ලන්ම පුදුමයට පත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා අද (02) සවස හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
ඒ මහතා පාර්ලිමේන්තු පැමිණීමත් සමග ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ මන්ත්රීවරුන්ද පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් විමසීමක් කොට ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේදී මන්ත්රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමට නියමිතදැයි කියාය.
නමුත් පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දී ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවකුත් දැනුම් දීමක් කොට නොමැති බවකි.
කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු කෙළින්ම ගොස් ඇත්තේ අගමැතිවරයාගේ කාර්යාලයටය.
ඉන් අනතුරුව අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් ආරම්භ වී ඇති පක්ෂ නායක රැස්වීමටද බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී ඇති බව දැනගන්නට තිබේ.