පාස්කු ඉරිදා සිදුවීමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ අයිසිස් ප්‍රධානියා ඔස්ටේ්රලියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු සිදුවීමට පෙර මොහු ඔස්ටේ්රලියාවට පැනගොස් ඇති අතර මෙතෙක් පාස්කු සිදුවීමට අයිසිස් සංවිධානය සම්බන්ධ බවට සාක්ෂි හෙළිවී නොතිබිණි.
ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පැවසුවේ ඔස්ටේ්රලියානු සිරගෙයක සිටින මොහු මෙරටට එවන ලෙස ඔස්ටේ්රලියානු රජයෙන් ඉල්ලන බවයි.
ඔහුගේ අනන්‍යතාව හෙළිවී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයෙන් පසු අයිසිස් සංවිධානය පාස්කු සිදුවීමට සම්බන්ධ නැති බවට මුස්ලිම් දේශපාලකයන් පිරිසක් ප්‍රචාරයක් දියත් කර තිබුණු අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කාන්තාවන් 6 ක්ද අත්අඩංගුවේ සිටින බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
(කීර්ති වර්ණකුලසූරිය – දිවයින)