ප්‍රධාන ආණ්ඩුකාරවරයෙක් සිය පළාතේ රජයට සහය දක්වන ලද හිටපු පළාත් සභා මංත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.
සංවර්ධන කටයුතු සදහා මුදල් දෙනු ලබන්නේ පළාත් අයවැය ලේඛනය සම්මත වීමෙන් පසුවය.
එහෙත් විසුරුවා හැර තිබෙන මෙම පළාත් සභාවේ රජයට සහාය දැක්වූ හිටපු මංත්‍රීවරුන්ට පමණක් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග කර ඇති බව දැනගන්නට ඇත.
විපක්ෂයේ හිටපු මංත්‍රීවරුන්ට මෙම මුදල ලබාදී නැති බවද සඳහන් කළේය.
ලංකාදීප – දයාසීලී ලියනගේ