සිංහල බෞද්ධ හින්දද මට අඩු සැලකිලි..බන්දුල කළකිරීමෙන් කතාකරයි..සර්වබලධාරියෙක් ගැනත් කියයි.

0

2014 වර්ෂයට පෙර මුදල් අමාත්‍යාංශයේ සිටි සර්වබලධාරී නිලධාරියකු මෙහෙයවන පිරිසක් තවමත් එම අමාත්‍යාංශයේ රැඳී සිටින බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි. ටීවී දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

‘‘ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍ය තමයි තාක්ෂණවේදය.මේ විෂයධාරාව හඳුන්වා දෙනකොට මුදල් අමාත්‍යාංශය මට තරම් වධදුන්න වෙන කිසිම අධ්‍යාපන ඇමැතිවරයෙක් නැහැ.

මේක පළමුවැනි වතාවට තමයි මම හෙළිදරව් කරන්නේ. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට හිතෙන්නේ නැත්නම් ඇමැතිට මොන දේ හිතුණත් කරන්න බැහැ. සල්ලි නැහැ කියනවා. ඒ කාලේ මට අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික වගකීම උගන්වන්නේ කවුද? මුදල් අමාත්‍යාංශයේ භූතයෙක් කියලා අපහාස කරන්න හොඳ නැහැ. එයා සර්වබලධාරියෙක් විදිහට ඉඳලා තියෙන්නේ. ඒ සර්ව බලධාරියා ඒ කාලේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික වගකීම මට උගන්වනවා. ඒකනෙ මට දැන් අධ්‍යාපන ඇමැතිකම දෙන්නේ නැත්තේ.

ඔහු විසින් මෙහෙයවන විශාල පිරිසක් මුදල් අමාත්‍යාංශය ඇතුළේ අදත් ඉන්නවා. ආණ්ඩු වෙනස් වුණාට ඒ අය ඉන්නවා. නැත්නම් මෙහෙම වෙන්න බැහැනේ. මීට පෙර හිටපු වෙළෙඳ ඇමැතිවරයා රිෂාඩ් බදියුදීන්ට ආයතන හතළිස් දෙකක් තිබුණා. ඉස්ලාම් ආගම ඇදහුවේ නැහැ කියලා මට එහෙම කරන එක හරි නැහැනේ. සිංහල බෞද්ධයෙක් හින්දද දන්නේ නැහැනේ මෙහෙම කරලා තියෙන්නේ.

ලක්ෂ හැටනවයක් ජනතාව ගෝඨාභයට ජනවරමක් දුන්නේ අපේ රටේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන්න. කවුරුහරි කෙනෙක් ඒකට ඉඩදෙන්නේ නැත්නම් ඒකට ඉඩදීලා අපි අකුළගන්න ලෑස්ති වෙන්න බැහැනේ. ලණු අඹරලා, කරකවලා දෙන්නාවූ අය විසින් අතිගරු ජනාධිපතිතුමාවත්, අග්‍රාමාත්‍යතුමාවත්, පාර්ලිමේන්තුවත් සම්පූර්ණයෙන් නොමග යවනවා. කුමන ආණ්ඩුව යටතේ වුවත් මෙම නිලධාරී කෘත්‍යාධිකාරයක් ක්‍රියාත්මක වෙනවා.

නයන තරංග ගමගේ ( ARUNA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here