අවශ්‍යතාවක් මතුවුවහොත් වැව් දාහක් ප්‍රතිසංස්කරණය සඳහා වෙන්කර ඇති මුදල් කොවිඩ් වයිරසයට එරෙහි එන්නතක් මෙරටට ගෙන්වීම සඳහා යොදවන බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර පැවැසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16 වැනිදා) පැවැති ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.
‘‘අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ. නමුත් අපි ඒ තීරණය සමාජ නායකයන්ට භාර කරනවා. ආනයනය කරන එන්නත් ගබඩා කරන්න පහසුකම් තියෙනවා. එක වරකට එන්නත් කොපමණ ප්‍රමාණයක් ඇණවුම් කරනවාද යන්න සැලසුම් කළ යුතුයි. මාසයක් ඇතුළත කොපමණ සංඛ්‍යාවකට එන්නත දෙන්න පුළුවන්ද කියලා අපි සොයා බැලිය යුතුයි. එතකොට ඒ මාසයට අවශ්‍ය තොගය තමයි ගෙන්විය යුත්තේ.
අපිට තියෙන්නේ රුපියල් බිලියන පන්දාහයි. අපි හැමදේම කරගන්න ඕනේ ඒ මුදල ඇතුළේ. ණය ගන්නත් පුළුවන් සීමාවක් තියෙනවා.
(නයන තරංග ගමගේ – අරුණ)