අපිට මොකටද කොරෝනා එන්නත්..ඕව වැඩක් නෑ..පිළියම් තියෙනව හැබැයි කියන්නෑ..පොහොට්ටු මංත්‍රිනී කියයි.VIDEO

0

මේ වනවිට ලෝකයම කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා නොයෙකුත් උත්සහයන් දරමින් ඇත.ඒ අනුව මේ මොහොත වනවිට කොරෝනා වෛරසයට මුහුණ දියහැකි එන්නත් කීපයක්ම නොයෙකුත් රටවල් වල ජනතාවට ලබාදීමට අනුමැතියද දී තිබේ.අපේ රටටද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් අපේ ජනතාවගෙන් 10%ක පමණ සුලු ප්‍රමාණයකට ලබාදීමට එකඟ වී ඇත.කෙසේවෙතත් අපේ රටේ මේ සඳහා ගබඩා පහසුකම් හෝ ඉතිරි පිරිසට එන්නත් ලබාදීමට තවමත් සුදුසු පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.ඒ පිළිබඳව සිරස සටන සංවාදයේදී මාධ්‍යවේදිනිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මංත්‍රීනී නීත්වේදී ප්‍රියංකා ජයසේකර මංත්‍රීතුමිය පවසා සිටියේ දැන්ම අපේ රටේ ජනතාවට කොරෝනා එන්නතක් අවශ්‍ය ද යන්නයි.

ඇය එහිදී පවසා සිටියේ අපේ රටේ සිටින මිලියන 22 ක ජනතාව තම තමන් නිසි ආකාරයෙන් පරිස්සම් වන්නේනම් කොරෝනා එන්නත් විදගැනීමට අවශ්‍ය නොවන බවයි.පළමු කොරෝනා රැල්ල පාලනය කළ ආකාරයට දෙවෙනි කොරෝනා රැල්ලද පාලනය කල හැකි බවයි.දෙවෙනි රැල්ල ව්‍යාප්ත වූයේ ජනතාවගේ නොසැලකිල්ල නිසා බවයි.

එන්නත ගෙන ඒමේ ක්‍රියාවලිය සහ එයට අදාල ගබඩා පහසුකම් පිළිබඳව ආදී සියලු කටයුතු ජනාධිපතිවරයා සිදුකරන බවත්,එවැනි දේවල් ජනතාවටවත් මාධ්‍යටවත් එම ක්‍රියාමාර්ග කියන්නට අවශ්‍ය නැති බව මංත්‍රීවරිය පවසනවා.

එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා සිටියේ දැනම මෙම කොරෝනා ප්‍රශ්නය ඇත්තේ කොළඹ විතරක් බවත් කොළඹින් පිට වන අය නිසා වෙනත් ප්‍රදේශවලට බෝවිය හැකි නිසා ඔය එන්නත් ගැන විශ්වාස නොකර තම තමන් පරිස්සම් විය යුතු බවයි.

අපිට වඩා දියුණු රටවල් වල පවා අද මිනිසුන් ගෙවල්වලට වී සිටින බවත්,අපේ රටෙත් එලෙස පරිස්සම් වියයුතුබවත් රජය අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ ගන්නා නමුත් සියලු දේවල් ජනතාවටත් මාධ්‍යටවත් කියන්න අවශ්‍ය නැති බවද නාගරික මංත්‍රීවරිය පවසනවා.එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here