පක්ෂ විපක්ෂ දේශපාලකයන් ලෙස ප්‍රකට මැතිඇමැතිවරුන් වන විමල් වීරවංශ, හරීන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් එකම වේදිකාවක සිටින දුර්ලභ දසුනක් දැකගැනීමට සියල්ලන්ටම හැකිවිය.
ඒ, ආණ්ඩුවේ ප්‍රධාන ආයතන කිහිපයකම ප්‍රධාන තනතුරු ඉසිලූ ජ්‍යෙෂ්ඨ කීර්තිමත් රාජ්‍ය සේවකයකු වන චූලානන්ද පෙරේරා මහතා සිය ධුරයෙන් විශ්‍රාම යාමේ අවස්ථාවේදීය.
ඊයේ (28) රාත්‍රියේ තලවතුගොඩ මොනාක් හෝටලයේදී එම උත්සවය පැවැති අතර පක්ෂ විපක්ෂ දේශපාලකයන් ගණනාවක්ම ඊට සහභාගී වී සිටිනු දැකගත හැකි විය.
මෙහිදී මැතිඇමැතිවරුන් එක්ව ගීත ගායනා කරනුද දැකගත හැකි විය.