ඇමරිකාව විසින් ශ්රීලංකාවට ඩොලර් මිලියන 450 ක් ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට යෝජනා කර තිබූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම වත්මන් රජය ප්රතික්ෂේප කිරීම අමූලික බොරුවක් බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.තමන් වහන්සේ එය ඉතාමත් වඟකීමෙන් පවසන බව අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්බන්ධ වෙමින් පවසනවා.
MCC ගිවිසුමෙන් තිබූ අවදානමට වඩා දෙගුණයක අවදානමක් දැන් පවතින බව මැඩිල්ලේ හිමියන් පවසනවා.ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ඇමරිකානු ඒජන්තයෙක් බවත් ඔහු මේ පිටුපස සිටින් බවත් මැඩිල්ලේ හිමියන් පවසනවා.
මේ වනවිටත් ඇමරිකාව විසින් ඔවුන්ගේ ඒකාබද්ධ විසර්ජන පනතට අපේ රට වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 900 ක් වෙන්කර ඇති බවත් එම ගිවිසුමේ තිබූ වගන්තිවලට එහා යමින් පෑල දොරින් MCC මෙරටට එබිකම් කරමින් සිටින බවත් මැඩිල්ලේ හිමියන් ප්රකාශ කර සිටිනවා.