නිරෝධායන නීති නොසලකා ඇමති වාසු උපන්දිනේ සමරලා

0

මේ වනවිට පාර්ලිමේන්තු මංත්‍රීවරුන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.දයාසිරි ජයසේකර,රවුෆ් හකීම් සහ වාසුදේව නානායක්කාර යන මැති ඇමතිවරුන්‍ ය.මේ අතර ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය පස්වැනිදා සිය අමාත්‍යංශයේදී ඔහුගේ උපන්දිනය සමරා තිබෙනවා.

එහිදා කේක් කපා සාදයක් පවත්වා ඇති බව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ මුහුණුපොතේ සටහනක් පළ කර තිබෙනවා.

එම සාදයට ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත,අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරින් සහ සේවක සේවිකාවන් සහභාගී වී ඇති ආකාරයද ඔවුන්ට කේක් කපන ආකාරයද දැකගැනීමට පුලුවන්.කෙසේවෙතත් මෙහිදී නිරෝධායන නීති කඩ වී ඇති ආකාරය එම ජායාරූප වලින් දැකගන්න ලැබේ.

ජායාරූප වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here