බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඬුවම් නියම කරනු කෙරුණු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ඉදිරි සිරගත කාලය වසර දෙකයි මාස 8 කින් ගෙවී යෑමට නියමිතව ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
සිරගත වුනු පුද්ගලයින්ට වසරකට ගෙවිය යුතු දඬුවම් කාලය මාස අටක් ලෙස ගණනය කරන බවත් ඒ අනුව රන්ජන් රාමනායක මහතාට නියමව ඇති සිර දඬුවමින් වසර එකයි මාස හතරක් අඩු වන බවත් එම මතය පවසනවා.
ඉහත කී ආකාරයට රන්ජන් රාමනායකට සිය වසර දෙකයි මාස 8 ක සිරදඬුවමක් ගෙවීමට සිදුවන බව පවසන එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් මාධව වීරසිංහ පවසන්නේ යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාරය තුළ පසු නොවන සිරකරුවන්ට මෙම වරප්‍රසාදය හිමි නොවන බවයි.