ආණ්ඩුවේ අක්‍රමකිතා සිදූවූවහොත් මුලින්ම එරෙහි වෙන්නේ මම – මහින්දානන්ද අලුත්ගමගේ

0

මේ ආණ්ඩුව තුළ දූෂණ,වංචා හෝ යම් අකටයුත්තක් සිදුවන්නේ නම් මුලින්ම ඊට එරෙහි වන්නේ තමන් යැයි කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

වත්මන් ආණ්ඩුව තුළ එවැනි අකටයුතුකම් සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එවැන්නක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන ලෙස කිවුල්ළද බෝලපේ විහාරස්ථානයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණු හේවාහනු හේවාහැට ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඇතමුන් සීනි වංචාවක් සිදුව ඇතැයි හඬ නඟන බව කියා අමාත්‍යවරයා ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන්නැයි තමන් ජනතා විමුක්ති පෙරමුණට දැමූ බවද කීවේය.එවැනි වංචාවක් සිදුව ඇත්තම තමන් මුලින්ම ඊට එරෙහිව ඉදිරිපත් වන බව කියා අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් බොරු චෝදනා රැසක් නැගෙන බව ද කීවේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගතව ඇත්තේ මාස අටක 7ක පමණ කෙටි කලක් යැයි කියා අමාත්‍යවරයා ආණ්ඩුවට රටේ ගැටලු විසඳීමට වඩා ජනතාවගේ ජීවත්වීමේ අය වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට සිදුව ඇතැයි ද කීවේය.

එවැනි තත්ත්වයක් යටතේ වුවද රැකියා ලබාදීම,ජල ව්‍යාපෘති,වාරි සංවර්ධන,මහා මාර්ග ඉදිකිරීම ඇතුළු දැවැන්ත සංවර්ධන කාර්ය භාරයක් කාර්ය භාරයක් සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

(මව්බිම – ශාන්ත කළුගල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here