කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ඉන්දීය සමාගමකට ලබා දීම ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම නාවික කටයුතු සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය වන අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කළාය.
අදාළ වරාය සංවර්ධනය කිරීම සදහා පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් බවද ඇය සදහන් කර සිටියාය.
එමෙන්ම චීන ආයෝජන සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කළ තානාපතිවරිය එම ආයෝජන විනිවිද පෙනෙන සුලු, විවෘත සහ දෙපාර්ශ්වයටම වාසි අත්විය යුතු එකක් විය යුතු බවද සදහන් කර සිටියාය.
මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ කරුණු දක්වමින් ටෙප්ලිට්ස් මහත්මිය මේ බව සදහන් කළ අතර එම ප්‍රකාශය අද දින ඉංග්‍රීසි පුවත්පතක් සිය මුල්පිටුවේම පළ කිරීමටද පියවර ගෙන ඇත.