ක්‍රිකට් විනාශ කරන්නෙ චාලි ඔස්ටින්..සංඟගෙයි මහේලගෙයි ඒජන්ට්.

0

ඉතිහාසයේ කෙදිනකවත් නොතිබුණු තරමට ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටී ඇති බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.එයට ක්‍රීඩකයින්ට බැනීමෙන් පලක් නොවන බවත්,එයට ක්‍රිකට් පාලකයින් වඟකිවයුතු බවත් ඔහු පවසනවා.

ක්‍රිකට් සංඟම් අතර ඇති ගණුදෙනු නිසාවෙන් මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ටවත් තරඟ කර ජයග්‍රහණය කළ නොහැකි බව අර්ජුන රණතුංග මහතා පවසා සිටිනවා.අතුරු කමිටුවක් මඟින් තමන්ට ක්‍රිකට් හැදීමේ බලය ලබාදෙන්නේනම් වසරක් ඇතුලත එය ඉටුකිරීමට තමන්ට සැලසුම් ඇති බව හිටපු ක්‍රිකට් නායකයා පවසනවා.

චාලි ඔස්ටින් නැමැති විදෙස් ජාතිකයෙක් ඇතුලු කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරමින් සිටින බවද අර්ජුන රණතුංග පවසනවා.කුමාර් සංඟක්කාර සහ මහේල ජයවර්ධන ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින් විස්සකගේ පමණ ඒජන්තවරයා ලෙස කටයුතු කරන බවත් ඔවුන් විසින් දක්ෂයින්ට අවස්ථාවක් නොදෙන බවත් අර්ජුන රණතුංග මහතා පවසනවා.

රණතුංග පවුලේ බේදයට රාජපක්ෂ වරුන් වඟකිවයුතු බවත් නමුත් තමන් හෙට දැක්කොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිවල හොදක් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට උදව්කරන බවත් හිටපු ක්‍රිකට් නායක හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ එක්වෙමින් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here