පසුගිය දිනෙක පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පාරක් කැපීමට හා වනෝද්‍යානයට ගවයන් ඇතුලු කිරීම සම්බන්ධ මාතෘකාවකදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සහ වනජීවී නිළධාරීන් අතර ඇතිවූ බහින් බස්වීම හේතුකොටගෙන එම වනජීවී නිළධාරීන්ට විනය පරීක්ෂණයක් සිදු කෙරිණ.ඒ අනුව අදාල සිද්ධියට මැදි වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරී එම්.එල්.කේ වාසලට ස්ථාන මාරුවක් ලබා දී ඇත.
මෙලෙස එම වනජීවී ආරක්ෂක නිළධාරියා මාරුකර යවා ඇත්තේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට වේ.නමුත් මෙම ස්ථාන මාරුවට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරින්ගේ සංඟමය විරෝධය පළකරමින් පවසා සිටින්නේ මෙම ස්ථාන මාරුව හුදෙක්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත සිදුව ඇති බවයි.