රුපියල් ලක්ෂ 412කට අධික වත්කම් හා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූවේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කරන ලදී.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍ර තිස්ස මහතා අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකරමින්
මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනා ඊට ලබාදුන් ලිඛිත අනුමැතිය අධිකරණයේ ගොනු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන්නේය.
එහෙත් මෙම නඩුව ගොනු කිරීමේදී එම ලිඛිත අනුමැතිය අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති හෙයින් අදාළ අධිචෝදනා පත්‍රය විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් එය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
( අරුණ )